Thursday, December 29, 2016

සිතන්නට යමක්



මෙවනි ඇදුම් ඇදන් විදී වල සංදර්ශන වල සැරි සරන චරිත දැක හිනහෙන සතුටු වෙන වුන් ....

නොදකියි....
එම චරිතයට පන පොවන පුද්ගලයින්ගේ නැති බැරි කම...
නොදනීයි ...
දාඩියෙන් තෙත් වී වතුර පොදක් නොමැතිව ඔවුන් මෙ දගලන්නේ අතට එන සොච්චමට කියලා....
ඔවුන්ට ඇත්තේ දුකක් මිසක සතුටක් නොවෙන බව......

-අහිංසකයා-

Sunday, November 20, 2016

චුට්ටීත්තමී

දියතෙන් හමුවුන 
සරසවිය මංගල්‍යක් කල 
ජිවිතයට අරුතක් කැන්දු 
සියනැවේ රුවැත්තී ඔබ 

කදුලකින් තෙත් උනු
සැනසුමක් සෙවු ලයට
සිනහවක් සොයන්නට
ඇත්වෙලක් වු ඔබ

නිවන සොයනා සසරෙ මතුවට 
අත්වැල් පටලා ඇවිද යන්නට 
පතනවා මගේම වෙන්නට 
ඔබයි මගේ චුට්ටීත්තමී......
- පොලියා -

Sunday, November 2, 2014

තනිකම

රැලෙන්
වෙන්
වු
කුහුඹුවකු මෙන් 
ඔබත් 
මාත්
අත්විදින
ත නි ක ම........ 
 

Thursday, March 20, 2014

හැර යන්නට මොහතකට පෙර

මගේ අතීතය.........
මා ගෙව්වේ නිවැරදිවද ??
මා ගත කරේ නිවැරදිවද ??
මං දන්නේ නැහැ.....
මන් ගත කරපු ජිවිතයෙන් අනිත් අයට උනේ හොදක්ද??
නරකක්ද ??
මන් කා වෙනුවෙන්ද ජිවත් උනේ
මගේ ජිවිතයට ලං උනේ කවුද
ඔවුන්ට මං නිසා උනේ කරදරද නැද්ද??
මං දන්නේ නැහැ........
ඔවුන්ගෙන් මට ලබුණු දෙවල් මොනාද
ඔවුන් වෙනුවෙන් මන් මොනාද කරේ
මං දන්නේ නැහැ.......
කිසිදෙයක් නොදැන ඇයි මං ජිවත් උනේ
මං දන්නේ නැහැ.....
එහෙනම් මන් ජිවත් වෙන්නෙ මොකටද
මං දැන් කරන දෙවල් හරිද
මන් මේ මොනද කරන්නේ
මං කලයුත්තේ මොනාද
මං කා වෙනුවෙන්ද ජිවත් වෙන්නේ
මං දන්නේ නැහැ ......
එහෙනම් මං කල යුත්තේ......
ජිවිතයෙන් පලා යැමද .....??
එත් ඇයි මං මැරෙන්නේ ....
.
.
.
.
.
.
මං. දන්නේ නැහැ   :(

Friday, February 14, 2014

ආදරය හා විරහව

ගොඩාක් කාලෙකින් මේ පැත්තට ගොඩ වෙන්න නොහැකි වුවාට සමාවන මැනවි.
අද ඉතින් කවුරුත් කියන්නා වගේ වැලන්ටයින් දවසනේ
අද ඉතින් ඇවිත් සුන්දර ආදරය ගැන කතා නොකෙරුවොත්
හිතට හරි නෑ වගේ
සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන ඔබට මටද
ආදරයේ සුන්දරත්වය
පරාජිත ආදරය ගැන
අනන්තවත් මත මතාන්තර දකින්ඩ පුලුවන් දවසක්.
අද වෙබ් එකේ සැරි සරද්දී
අහම්බයකින් මට අද හමුවෙනවා අමරදෙවගේ ලස්සන සින්දුවක්
එහි අර්තය නිවැරදිව විචාරය කිරිමට ඔබට මට  මහගු විචක්ශන බුද්ධියක් නොතිබුනත්
එහි ඇති අරැත ඔනම දැනිමක් ඇති පුද්ගලයකුට වටහා ගත හැකි වන ආකාරයට පද ගලපා ඇති ආකාරය
මා මවිතයට පත් කරා කිව්වොත් නිවැරදිය .
අමරදෙව නැමති ගාන්දර්බයා අතින් ලිය උන හා ගායනා කරන ගීත මා ඇසිමට ප්‍රිය නොකලේ
ඔහු විසින් යොදා ගන්නා පද වැල් මට නොතෙරුන නිසා මයි.
අමරසිරි පිරිස් ,කරුණාරත්තන යන අයගේ සින්දු වලට වශී  වුයේ
ඔව්න්ගේ පද වැල් ඉතා සරල වු නිසා කිවහොත්  ඉතා නිවරදිය.
නමුත්
එ මතය සුනුවිසුන කරමින්
විරහව වේදනාව හොලමන් කරන සමයක අමරදෙවගේ සින්දු වලට මා  වශි වුයේ කිමද කියා නොදනමි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

විරහව ,පරාජිත ආදරය ඔහු දැක්කේ වර්තමානයේ මිනිසා දකින පැත්තකින් නොවෙයි.එය ඔහු දැක්කේ උපේක්ෂාවෙන්
විදදරා ගත යුතු දෙයක් යැයිය.
කොච්චර නිවැරදිද ඔහුගෙ මතය .
නමුත් අද සමාජය දෙස බැලුවොත් ආදරයේ විරහව පැතිකඩ මනුශ්‍යා දකින්නේ උපේක්ෂාවෙන්ද වග ගැටලුවකි.
තව පාරක් එ ගැන සිතා  කටයුතු කලොත් නෙද වටින්නේ.
ආදරය කරන්න ආදරය විදින්න
ආදරය ගැන හින දකින්න
ආදරය නිසා  සුසුම් හැලන්නා
ඔබට ආදරය හමුවී නොමැති නොවනු මානව එය ඔබ කරා එයි
නමුත්
පරාජිත ආදරය නිසා හෝ විරහව නිසා ආදරයට වෛර කරන්න යැමෙදී
ඔබ කරන්නෙ නිවැරදි දෙයක්ද යන වග
තව පාරක් හිතලා බැලුවොත් නෙද වටින්නෙ ??
අන්තිමට මං අර පද වැලේ අන්තිම පද්‍ය පෙලියද උපුටා දක්වන්නෙමී.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

බුදුසරණයි...!

--- අහිංසක ---

Sunday, November 24, 2013

ප්‍රශ්න හා විසදුම්

ගැටළුවක් ඇති වුනාම අපි මොකද කරන්නේ ?. එකම දෙ තමා එකට විසදුම් හොයන එක. අධ්‍යපන ගැටළුවක් ගැන හිතමුකො. මොකද අපි කරන්නේ මුලින්ම තමන් විසදුමක් හොයන්න උත්සහ කරන එකනේ .උත්සහ කරලා කරලා බැරිම නම් පමණක් අපි පුලුවන් කියලා හිතෙන කෙනෙක්ගෙන් අහනවා. එත් එ පුද්ගලයට දිලා එයා විසදුම් හොයනකන් බලාහිටියොත් මොකද වෙන්නේ. එකම දෙයයි ,ඒ වගේ ගැටලුවක් ආයේ ආවොත් හදාගන්ඩ බැරිවෙන වෙන එක. විභාගයකදි එහෙම උනොත් කොච්චර දුක හිතෙයිද .අන්න එකනෙ ඒ නිසා ගැටළුවක් ආවම තනියම විසදන්න උත්සහ කරන්න .තමන්ටත් පුංචි හරි මොලයක් තියනවනෙ පොඩ්ඩක් හිතල බලන්ඩකෝ.
 ඇත්ත ප්‍රශ්න එයි විසදගන්ඩම බැරී වෙයි . එ වෙලාවට කරන්ඩ තියෙන්නෙ යාළුවෙක්ගෙන් දන්නවා කියල හිතෙනෙ කෙනෙක්ගෙන් අහන එක . කොහොමද මෙ වගේ ගැටලුවක් ආවම ගොඩදාන්නේ කියලා ..නැතුව යළුවා ම විසදනකන් බලා ඉදලා එ ක්‍රමය කටපාඩම් කරලා වැඩක් නැ. මොකද විසදන කෙනා වැරදි පාරක් තොරගත්තොත් ඔයාට එක කවම දාකවත් අයේ අහුවෙන් නැ ..විභගයකට ලියන්නෙත් වැරදි උත්තරේ මයි. කවුරැ හරි අහුවොත් ඔයා කියලා දෙන්නෙත් එකමයි. වැරද්දක් ඉගෙන ගත්තොත් වෙන්නෙ එක තමා. එ නිසා ගැටලුවකට උත්තර හොයද්දි ගොඩාක් පරිස්සන් වෙන්ඩ ඔනි නෙද? තමන් උත්සහා කරා නම් වැරද්දක් උනත් ටක්ගලා තෙරෙනවා. වැරද්ද ටක් ගලා හදා ගන්ඩත් පුලුවන් අහුවුන ගමන්.
අධ්‍යාපන ගැටලුවක් අල්ලගෙන කතා කරාට ඇත්තටම සමාජයේ ජිවත් වෙද්දිත් එ දෙම තමා ප්‍රශ්නයකදි කරන්ඩ ඔනි. ප්‍රශ්නය ගැන හොදින් දන්නේ ඔබම විතරයි. වෙන කවුරැත් ඔබේ ප්‍රශ්නය ඔබට වඩා හොදට දැනගන්ඩ විදිහක් නැනේ. ඔව් ,,අධ්‍යාපන ගැටළු වගේම මෙවත් විසදගන්ඩ ගියාම, ඔබට තනියම කරන්ඩ බැරිවෙන්ඩ පුලුවන්. තව කෙනෙක්ගෙන් උදව් ගන්ඩ වෙයි. එත් උදව් පැත්තකින් තියලා එ අයටම විසදන්න දෙන එක නුවණට හුරු නැ නෙද? මොකද ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ඔබමයි. අතිවන නැතිවන දෙයක් වෙන්නෙ ඔබටමයි .ගැටළුවේ බලපැම එන්නේ ඔබට විතරයි. විසදන යලුවාටවත් දෙමව්පියන්ටවත් නෙමෙයි. විසදන ආකාරය ගැන අදහස් උදහස් අවවාද ගත්තද විසදන්න දෙන්න යන එක එච්චර හොද වැඩක් නෙමෙයි නෙද.
සමජයේ ජිවත් වෙනකොට අතිවන ගැටළු වලදි අදහස් ලබා ගැනිමෙදි ඔබ  තොරා ගත යුත්තේ ඔබට විශ්වාසම පුද්ගලයෙක්. අන්න එතනදි සැලකිලිමත් විය යුතු තව කරනා ගොඩක් තියන්වා. සමහරවිට අපි එවා හිතන් නැ. එකෙන් වෙන්නෙ ප්‍රශ්නය විසදන එක පැත්තකින් තියලා. එ නිස අතිවන ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙන එක. මට දැනුනු අකාරයෙන් මන් විස්තර කරන්නම්කො. තොරගන්න කොට විශ්වාස කෙනෙක් තොරගන්ඩ කියලා මන් කලිනුත් කිවුවනෙ. එත් එ විශ්වාස කෙනා ප්‍රශ්නයට බලපැමක් වෙන කෙනෙක්ද කියලා මුලින්ම හිතන්ඩ ඔනි. ඔක ඔහොම කිවුවට තෙරෙන් නැ. අපි හිතමුකො ප්‍රශ්නයකදි අපි අහනවා යාළුවෙක්ගෙන් ..ඒ අහපු යාළුවා ඔයාට ගොඩාක් විශ්වාස වන්තයි. එත් එ යාළුවා ප්‍රශ්නය දාපු යළුවාගෙත් හිතවතෙක්. අන්න එතනදි කවදාහරි ප්‍රශ්නයක් ආයෙත් අතිවෙන්ඩ පුලුවන් නෙද? සමහරවිට එක මිට වඩා ගොඩාක් ලොකු එකක් වෙන්ඩ පුලුවන්. එ නිසා තොරගන්නකොට එ ගැන සැලකිලිමත් විම නුවණට හුරුයි.
තවද එ පුද්ගලයා ඔබ ගැන හිතලා ප්‍රශ්නයට විසදුමක් දෙන කෙනෙක්ද කියලා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්ඩ ඔනි. ඔබටයි ප්‍රශ්නයෙන් ප්‍රතිඵලෙ එන්නෙ.
ප්‍රශ්නයක් ආවම ධනාත්මකව හිතල විසදුම් හොයන්ඩ පුරුදු වෙන්න. නිවැරදි පෙත්තෙන් බැලුවම ඉබෙටම වැරද් පැත්ත තෙරෙනවා.
වැරදි පැත්තෙන් බැලුවොත් හැමදාම වැරද්දමයි  දකින්නෙ. නිවැරදි පැත්තෙන් බලන්ඩ.
ජිවිතය කියන්නෙ පුදුම දෙයක්. ගලාගෙන යද්දි විවිධාකාරයේ ප්‍රශ්න වලට මුහුන දෙන්ඩ වෙයි.  තනිව විසදන්න උත්සහ කරන්න ..තනිව විසදගන්ඩ පුලුවන් ප්‍රශ්න පිට අයට දෙන්ඩ එපා. ඔවුන් ඔබේ ප්‍රශ්න ඔවුන්ගෙ වාසියට පෙරල ගනිවි. ජිවිතය කියන්නෙ ප්‍රශ්න පත්තරය ක් වගේ. හැබැයි ප්‍රශ්න වල නම් ඉවරයක් නැ. එක අතකින් බැලුවම එක තමා ජිවිතෙ කියන්නේ,
අනික තව දෙයක් අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්න යන්නෙ මොකද?
එ අයගේ ප්‍රශ්න එ අයම විසදගනි. නිකන් ඔවුන් මද්දට පැනලා විසදන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ගොඩක් අතිවෙන එක.
මං දකින විදිහට ප්‍රශ්නයක් හෙවත්  ගැටළුවක් කියන්නෙ තනිව උත්සහ කරලා කාගෙන් හරි අදහස් අරන් තනිව විසද ගතයුතු දෙයක්.
හැගිම් වලට වහල් නොවි උත්සහ කරන්න ..ඔබට සාර්තකව ප්‍රශ්න
වලට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි. ඔබට ජය. සුභ අනාගතයක්. බුදුසරණයි......!  

Monday, November 18, 2013

ඉල්ලීම

ඒ අහිංසක ඇස් ඉදිරියේ
ඇසිය යුත්තේ කිමද
නැසිය යුත්තේ කිමද
නොදැන මා ලත වු හැටි
අමතක කරන්නෙ කෙලෙස මං .......

-- අහිංසක --

( පරණ දින පොතකින් උපුටා ගන්නා ලදි )