Sunday, November 2, 2014

තනිකම

රැලෙන්
වෙන්
වු
කුහුඹුවකු මෙන් 
ඔබත් 
මාත්
අත්විදින
ත නි ක ම........ 
 

Thursday, March 20, 2014

හැර යන්නට මොහතකට පෙර

මගේ අතීතය.........
මා ගෙව්වේ නිවැරදිවද ??
මා ගත කරේ නිවැරදිවද ??
මං දන්නේ නැහැ.....
මන් ගත කරපු ජිවිතයෙන් අනිත් අයට උනේ හොදක්ද??
නරකක්ද ??
මන් කා වෙනුවෙන්ද ජිවත් උනේ
මගේ ජිවිතයට ලං උනේ කවුද
ඔවුන්ට මං නිසා උනේ කරදරද නැද්ද??
මං දන්නේ නැහැ........
ඔවුන්ගෙන් මට ලබුණු දෙවල් මොනාද
ඔවුන් වෙනුවෙන් මන් මොනාද කරේ
මං දන්නේ නැහැ.......
කිසිදෙයක් නොදැන ඇයි මං ජිවත් උනේ
මං දන්නේ නැහැ.....
එහෙනම් මන් ජිවත් වෙන්නෙ මොකටද
මං දැන් කරන දෙවල් හරිද
මන් මේ මොනද කරන්නේ
මං කලයුත්තේ මොනාද
මං කා වෙනුවෙන්ද ජිවත් වෙන්නේ
මං දන්නේ නැහැ ......
එහෙනම් මං කල යුත්තේ......
ජිවිතයෙන් පලා යැමද .....??
එත් ඇයි මං මැරෙන්නේ ....
.
.
.
.
.
.
මං. දන්නේ නැහැ   :(

Friday, February 14, 2014

ආදරය හා විරහව

ගොඩාක් කාලෙකින් මේ පැත්තට ගොඩ වෙන්න නොහැකි වුවාට සමාවන මැනවි.
අද ඉතින් කවුරුත් කියන්නා වගේ වැලන්ටයින් දවසනේ
අද ඉතින් ඇවිත් සුන්දර ආදරය ගැන කතා නොකෙරුවොත්
හිතට හරි නෑ වගේ
සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන ඔබට මටද
ආදරයේ සුන්දරත්වය
පරාජිත ආදරය ගැන
අනන්තවත් මත මතාන්තර දකින්ඩ පුලුවන් දවසක්.
අද වෙබ් එකේ සැරි සරද්දී
අහම්බයකින් මට අද හමුවෙනවා අමරදෙවගේ ලස්සන සින්දුවක්
එහි අර්තය නිවැරදිව විචාරය කිරිමට ඔබට මට  මහගු විචක්ශන බුද්ධියක් නොතිබුනත්
එහි ඇති අරැත ඔනම දැනිමක් ඇති පුද්ගලයකුට වටහා ගත හැකි වන ආකාරයට පද ගලපා ඇති ආකාරය
මා මවිතයට පත් කරා කිව්වොත් නිවැරදිය .
අමරදෙව නැමති ගාන්දර්බයා අතින් ලිය උන හා ගායනා කරන ගීත මා ඇසිමට ප්‍රිය නොකලේ
ඔහු විසින් යොදා ගන්නා පද වැල් මට නොතෙරුන නිසා මයි.
අමරසිරි පිරිස් ,කරුණාරත්තන යන අයගේ සින්දු වලට වශී  වුයේ
ඔව්න්ගේ පද වැල් ඉතා සරල වු නිසා කිවහොත්  ඉතා නිවරදිය.
නමුත්
එ මතය සුනුවිසුන කරමින්
විරහව වේදනාව හොලමන් කරන සමයක අමරදෙවගේ සින්දු වලට මා  වශි වුයේ කිමද කියා නොදනමි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

විරහව ,පරාජිත ආදරය ඔහු දැක්කේ වර්තමානයේ මිනිසා දකින පැත්තකින් නොවෙයි.එය ඔහු දැක්කේ උපේක්ෂාවෙන්
විදදරා ගත යුතු දෙයක් යැයිය.
කොච්චර නිවැරදිද ඔහුගෙ මතය .
නමුත් අද සමාජය දෙස බැලුවොත් ආදරයේ විරහව පැතිකඩ මනුශ්‍යා දකින්නේ උපේක්ෂාවෙන්ද වග ගැටලුවකි.
තව පාරක් එ ගැන සිතා  කටයුතු කලොත් නෙද වටින්නේ.
ආදරය කරන්න ආදරය විදින්න
ආදරය ගැන හින දකින්න
ආදරය නිසා  සුසුම් හැලන්නා
ඔබට ආදරය හමුවී නොමැති නොවනු මානව එය ඔබ කරා එයි
නමුත්
පරාජිත ආදරය නිසා හෝ විරහව නිසා ආදරයට වෛර කරන්න යැමෙදී
ඔබ කරන්නෙ නිවැරදි දෙයක්ද යන වග
තව පාරක් හිතලා බැලුවොත් නෙද වටින්නෙ ??
අන්තිමට මං අර පද වැලේ අන්තිම පද්‍ය පෙලියද උපුටා දක්වන්නෙමී.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

බුදුසරණයි...!

--- අහිංසක ---